ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි .
ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ලබාදෙන බවත් එම සියලු උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට කැදවා ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළු ලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බව එහිදී සඳහන් කල අමාත්‍යවරයා නවීනතම ‘ස්මාට්බෝඩ්‘ 2500 ක් පාසල්වලට ලබාදීමට පියවර ගන්නා බවද එහිදී වැඩිදුරටත් සදහන් කලා.
