විධායක මට්ටමේ නිලධාරීන්ට රජය මගින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සියලු රාජ්‍ය සේවකයන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති 300 කට වැඩි ප්‍රමාණයක් අද සහ හෙට (08 දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන පිරිස ලක්‍ෂ 08ක් පමණ වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සදහන් කරයි
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සේවකයන්, පරිපාලන නිලධාරීන්, කෘෂිකර්ම, සංවර්ධන නිලධාරී, රියැදුරු, කාර්යාල කාර්ය සහයක, කළමනාකරණ ඇතුළු වෘත්තීය සමිති පිරිසක් එක්වන අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන, ජල, විදුලි, වරාය යන සේවකයන් සහභාගි නොවන බවත් තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවුණහොත් එම ආයතනවල සේවකයන් දැවැන්ත වෘත්තීය අරගලයට සහභාගි කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි
