සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියා

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු…

මෙම සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා. සැප්තැම්බර් මාසය අගදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ තිබෙන වැඩිම මන්ත්‍රී නියෝජනයක් තිබෙන පක්ෂ සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සියලුම දෙනා ඒකරාශී කරගෙන දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරන්නට අප කටයුතු කරගෙන යනවා. අගොස්තු මස 8 වැනිදා සමගි ජන සන්ධානය එළිදක්වන්න කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකතනය ලකුණින්. සමගි ජනබලවේගය ගොඩනගන සන්ධානය සඳහා දුෂණයෙන් තොර අද්දැකීම් තිබෙන විශාල නායකයන් පිරිසක් සහ දමිළ, මුස්ලිම් පක්ෂ එකතුවීමට නියමිතයි.

මන්ත්‍රීවරු 30කට වැඩි ප්‍රමාණයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වීමට නියමිතයි. ආර්ථික දේශපාලන පරිවර්තනයක් සිදු කරමින් කඩාවැටී ඇති රට ගොඩගැනීම සමගි ජන සන්ධානය හරහා සිදුකිරීමට නියමිතයි. එමෙන්ම සමගි ජන සන්ධානය සියලු දෙනාටම එකට සිටගත හැකි සන්ධානයක් බවට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බිහිවුණ ශක්තිමත්ම පුළුල්ම සන්ධානය බවට සමගි ජන සන්ධානය පත්වෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page