එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අදාළ ඇප මුදල් අද තැන්පත් කර ඇත.
ජනාධිපති නීතිඥ රොනල් සී පෙරේරා අදාල ඇප මුදල් තැන්පත් කිරීම සඳහා අද (26) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බව සදහන් වේ.
ඒ අනුව 2024 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ කරමින් ඇප මුදල් තැන්පත් කර ඇතිබව වාර්තා වේ.
