රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුගේ රුධිර සාම්පල් පරික්ෂණයක් සඳහා ලබන 27 වැනිදා රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇත.
2022 ජුලි මස 09 වැනිදා ජනාධිපති ලේකම්කාර්යාලයේ කලහාකරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින දමිතා අබේරත්න ඇතුලු කාන්තාවන් තිදෙනෙකුට අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත් වරිය එම නියෝගය නිකුත් කර ඇත.
ජනාධිපති ලේකම්කාර්යාලයේ තිබි හමු වූ සනීපාරක්ෂක තුවා හය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා එම සැකකාරියන්ට රුධිර සාම්පල් ලබා දිමට නියෝග කරන ලෙස කොළඹ උතුර අපරාධ කොට්ඨාස අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කරනු ලැබීය.
