2025 වසරේ මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි ..

මෙම වසරේ ඒ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර නැති බැවින් ලබන වසර මුලදී එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු සදහන් කරයි ..

එසේම පළාත් පාලන මැතිවරණය සදහා කැදවා ඇති නාමයෝජනා සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සෙසු පක්ෂ සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට අවශ්‍ය බවද ඔහු සඳහන් කළා..

අධිකරණය විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝගයට ගැටලුවක් නොවන පරිදි කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page