දේශපාලනයේ දි ඇතැමුන් විසින් සිදුකරනු ලබන අපහාසාත්මක.. අසත්‍ය චෝදනාවලට නීතිමය පියවර ගත හැකි ශක්තිමත් නව පනතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නව පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි .
තමා සතුව ලැම්බෝගිනි 18ක් ඇති බවටත්, උගන්ඩාවට මුදල් ගෙනගිය බවටත් චෝදනා කළ පුද්ගලයන් පසුව තමන් බොරු ප්‍රකාශ කළ බව ප්‍රකාශ කළත් එම චෝදනාවන්ට ලක්වූ පුද්ගලයන්ට ඒ වනවිට සිදුවී ඇති හානිය නිවැරදි කළ නොහැකි බව ඔහු පවසයි…
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ දේශපාලන භූමියේදී බොරු චෝදනා එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයට නීතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණඩුවෙන්ද ඉල්ලා සිටින බවයි.
දේශපාලන භූමියේදී තමන්ගේ නමට එල්ල වී ඇති බොරු චෝදනා හේතුවෙන් තමන්ට සිදුවී ඇති හානිය නිවැරදිකර ගැනීමට පෙර එබඳු චෝදනා හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නමට සිදුවී ඇති හානිය නිදොස් කොට නිදහස්කර ගැනීමට තමන් ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන බවත් සදහන් කරයි …
