හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82 ක් වැය වූ බවට ගණන් හදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප ද ඒම මුදලට ඇතුලත් කරමින් බව ඒ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් ඉකුත් මාස එකොළහට රුපියල් මිලියන 82 ක් වැයවූ බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

වැඩිම මුදලක් වැය වන්නේ රජයේ සේවකයන් වන ආරක්ෂක නිලධාරීන්ගේ වේතන සඳහා බවත් ඔවුන් කුමන තැනක හිටියත් එම ආරක්ෂක නිලධාරීන්ට වේතන ගෙවිය යුතු බවත් නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එබැවින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82ක් ලෙස ගණන් සාදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප සමග බවත් අමතර වියදම් වැය කෙරුණේ වාහන සහ ඉන්ධන සඳහා බවත් එය සැලකිය යුතු මුදලක් නොවන බවත් ඔවුන් සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page