ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර ඇත

සැකකරු අද (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරන ලදි.

නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සැකකරු විසින් ලිංගික අඩම්තේට්ටම් සිදුවන ආකාරයෙක් පළ කරනු ලැබූ ප්‍රකාශ හේතුවෙන් පැමිණිලිකාරිය දැඩි මානසික පීඩාවට ලක්ව සායනවලට පවා යොමු වු බවත් සැකකරු පැමිණිලිකාරිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහන් පළ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මින් පෙර කිහිප වතාවක් මේ ආකාරයෙන් කටයුතු කර ඇති බවද සදහන් වේ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා දැඩි ලෙස කණගාටුවට පත්වන බවත් සැකකරු විසින් මෙම සටහන සිය සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කරන ලද්දේ විනාඩි අටක් වැනි කෙටි කාලයක් පමණක් බවත් ඉන් පසු එය ඉවත් කරගෙන ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස සැකකරුට අවවාද කර පැමිණිල්ල නැවත ජනවාරි මස 30 වනදා කැඳවීමටද නියම කරන ලදි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page