චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරිම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දි සිදු කෙරිණි.
එම වැඩසටහන ආරම්භ කිරීමේ ගිවිසුම අත්සන් කිරීම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන තානාපති H.E. Qi Zhenhong මහතා විසින් සිදු කරන ලදි..
පන්ති කාමර තුළ තාක්ෂණික උපකරණ සවිකිරීම අභිබවා ගිය, ළමයාව මනා ලෙස මාර්ගගත සුරක්ෂිතතාවකින් ආරක්ෂා වූ තාක්ෂණික අධ්‍යාපන රටාවකට යොමු කිරීම ව්‍යාපෘතියේ ප්‍රදාන අරමුණ වේ.
එහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම ඉලක්කගත සාධකයක් වන බවත් ඩිජිටල් අසමානතාවක් පවතින පාසල් හඳුනාගෙන ඒවා ඩිජිටල්කරණයට ලක් කොට සෑම සිසුවෙකුටම සමාන අධ්‍යාපන පහසුකම් භුක්ති විඳීමට ඉඩ සලසා දිය යුතු බවත් සදහන් කලා..
තාක්ෂණය අධ්‍යාපනයට එක් කිරීමේදී ළමා ආරක්ෂණය සුරැකෙන සේ ළමා මනසට ගැලපෙන ආකාරයෙන් යම්කිසි රාමුවක් තුළ එම ක්‍රමවේදයන් සැකසිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා…
එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් සඳහා වන ක්ලවුඩ් (Cloud) දත්ත මධ්‍යස්ථානයක්, දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදයක් සහ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ මෙහෙයවිය හැකි විශේෂාංග සහිත ස්මාර්ට් පන්ති කාමර 900කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.
මේ සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, චීන තානාපති කාර්යාලයේ සහ සමාගම් කිහිපයක නිලධාරීන්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රාශියක් සහභාගී විය.
