වලංගු බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු 09 දෙනෙක් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊයේ (14) නියෝග කරණ ලදි..
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියයෝග නිකුත් වුයේ ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී පූජ්‍ය ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස, වනවාසී බලන්ගොඩ කස්සප, ත්‍රිකුණාමලය ආනන්දාරාම (ගිරිහඩු සෑය ශාඛාව) විහාරවාසි පූජ්‍ය ත්‍රිකුණාමලය නන්ද යන හිමිවරුන් හා මේ සඳහා ආධාර අනුබල දුන් සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති ,හිටපු නාගරික මන්ත්‍රීනි එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්.දිපානි, ලියනගේ තිලක් පෙරේරා, එම්.සී. පියල් හේමසිරි හා දුලාර ගුණතිලක යන අයයි .
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 14 (01) වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එම පනතේ 28(01) වගන්තිය ප්‍රකාරව වෙරළ කලාපය තුළට අනවසරයෙන් ඇතුල්වි වලංගු බලපත්‍රයක් නොමැතිව අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල් අජිත් කුමාර, වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සසන්ක සමරසිංහ යන නිලධාරීන් අධිකරණයේ පෙනී සිටිමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන්ට එරෙහිව බී වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කළා.
අධිකරණයට ඉදිරිපත් නොවූ තවත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට නොතීසි නිකුත් කළා.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායක ස්වාමින්වහන්සේ ඇතුළු පිරිසට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියා.
මෙහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අදාල පනත ප්‍රකාරව මෙම අධිකරණයට ඇප ලබාදීමට බලයක් නැති බවට ප්‍රකාශ කරමින් ඇප අයැදුම ප්‍රතික්ෂේප කළා.
