බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වැනිදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ එහි හඬ පට වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කළා.
කස්සප හිමියන් ඇතුළු හිමිවරු විසින් තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම අද කැදවු අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව මෙම පෙත්සම යළි සලකා බැලීම සඳහා අද පස්වරු 1.30ට කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරණ ලදි..
