ජනාධිපති උපදෙස් ද නොතකා අත්තනෝමතික ලෙස ඉන්ධන මිලදී ගැනීමෙන් රටට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කළැයි කියන හිටපු ඇමැති අර්ජුන රණතුංග හා ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංගට අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කළේය.

හිටපු ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන් විත්තිකරුවන් කරමින් දූෂණ විරෝධී පනතට අනුව මෙම නඩුව ගොනුකොට ඇත.

2017 – 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීම හා ඊට ආධාර අනුබල දුන්නේ යැයි විත්තිකරුවන්ට චෝදනා නගා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page