රටේ පාලකයන් බුදුදහම සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාවෙන් බැඳීසිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
1972 ව්‍යවස්ථාව සකස් කරන විට එවකදී විපක්ෂ නායක ලෙස සිටි දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා බුද්ධාගම ආරක්ෂා කලයුතු බවත් එය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ඉල්ලීමක් ද කර ඇති බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි..
වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අති ගෞරවනීය මහා නායක වරකාගොඩ ශ්‍රී ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඥාණරතනාභිදාන මහා නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ වින්සත්වර්ගික ගරුතර සංඝ සභාව විසින් ‘ධර්මකීර්ති ශ්‍රී පියජෝති’ යන ගෞරව නාම සම්මුතිය සහිත ‘ගාලු මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය’ මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති පැලවත්තේ චන්දිම හිමිපාණන් වහන්සේ වෙත අදාළ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
ගාල්ලේ මණ්ඩලපුර මිහිඳු මහ විහාරස්ථානයේදී පැවති මෙම උළෙල දි අක්තපත්‍ර ප්‍රදානය කිරීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ………..
බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් පවා බුද්ධාගම ආරක්ෂා කළ බවත්,
විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් පවා බුද්ධාගම ආරක්ෂා කලා .
කළුතර බෝධිය කපන්න යෝජනා වුණාම එය කපන්න නොදී ආරක්ෂා කරන්න වික්ටෝරියා රැජින පවා කටයුතු කර තිබෙනවා.
.
ඒ නිසා තමයි මෙම ප්‍රදේශයේ සමහර පන්සල්වල වික්ටෝරියා රැජිනගේ සිතුවම් ඇතුළත් කරලා තියෙන්නේ. 06 වැනි ජෝර්ජ් රජතුමත් එතුමාගේ දියණිය එළිසබෙත් රැජිනත් බුද්ධාගම ආරක්ෂා කරන්න කටයුතු කළා.
විහාර දේවාලගම් පනත සම්මත කරලා තියෙනවා. ඒකේ විහාරවලට අයිති දේවල් විහාරවලටත්, දේවාලවලට අයිති දේවල් දේවාලවලටත් අයිතියි කියා තිබෙනවා. අපි දෙන රත්තරන් බඩු ඇතුළු සියලු දේවල් අයිති වෙන්නේ දේවාලවලට නැත්නම් විහාරවලට. ඒවට අත තියන්න ගිහින් රටට මොකක් වෙයිද කියලා මම දන්නේ නැහැ.
අපේ සංඝයා වහන්සේලාට මෙන්ම අපේ ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරන ඕනෑම කෙනෙක් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න විශේෂයෙන් දිවුරුම් දීලා තිබෙනවා. එහෙනම් මේ දේ උල්ලංඝනය කළොත් එහෙම නැතිනම් මීට අදාළව ක්‍රියා නොකළොත් රටේ උත්තරීතරභාවය නැති කරන වැරැද්දක්. මේක ව්‍යවස්ථාවේ සඳහන් වෙලත් තියෙනවා.
