එකඟතා ක්‍රියාත්මක කිරීමට ඇමැති අසමත් වීමට විරෝධය

නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ට අදාළ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි පළමු පියවර ලෙස අද (23දා) උදෑසන 8.00 සිට පැය 48 ක දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් පවතින ප්‍රවණතාවන් අධ්‍යයනය කරමින් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ සැලසුම ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද එම සංගමය සදහන් කරයි.

වැඩවර්ජනය පැවැත්වෙන පැය 48 ක කාලය තුළදී හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් තුළ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ එම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවද සංගමය පවසයි.

වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට යම් අපහසුතාවක් වේ නම් එහි සම්පූර්ණ වගකීම නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හරින රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් භාරගත යුතු බවද එම සංගමය සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page