නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ර්‍ඒමට උත්සාහ කළ රත්තරන කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන ඇත.
නාවික හමුදාව විසින් වන්නි මුන්දලම කළපු ප්‍රදේශයේ ඊයේ (12) අලුයම් කාලයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම කළපු ප්‍රදේශය ඔස්සේ කල්පිටිය මුහුදු ප්‍රදේශය දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් නිරීක්ෂණය කර පරීක්‍ෂා කිරීමේදී මෙම රත්තරන් තොගය හමුවී ඇත
එම යාත්‍රාව තුළ සූක්‍ෂම ලෙස සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන මෙම රත්තරන සහිත පාර්සල් හතර අත්අඩංගුවට ගෙන තිබේ.නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 42ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
