ඉන්දියාවේ සිට ශ්රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගර රත්නායක මැතිතුමා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා කර තිබුණි.
ඉදිරියේදී රට තුළ තෙල් නිෂ්පාදනය සහ බෙදාහැරීම වේගවත් කිරිමටත් නැවත හිඟයක් ඇති නොවීමටත් මෙම නල මාර්ගය ඉදිකිරීමේ අරමුණ බව සාගල රත්නායක මැතිතුමා පවසයි.
මේ වන විට ඉන්දියාවේ සිට නේපාලය දක්වාත් ඉන්දියාවේ සිට බංග්ලාදේශය දක්වාත් මෙම නල මාර්ග ක්රියාත්මක වේ.
