පේරාදෙණිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි චමෝදී සංදීපනී ජයරත්න නැමැති 21 හැවිරිදි තරුණිය මියගියේ ලබාදුන් ඖෂධයෙන් නොව අසාත්මිකතාවක් හෙතුවෙන් බව රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂක පවත්වන අතර ඒ පිළිබඳව නිවරදි වාර්තාවක් දිය හැකි වන්නේ සියලු පරීක්ෂණ වලින් පසුව බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි .
උදරාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධය වන cefriaxone ප්‍රතිජීවික ඖෂධය රෝහලේ දැනට නිරත භාවිතයට ගන්නා ඖෂධයකි.
මේ වන විට එන්නත් කුප්පි 2700 ක් පමණ රෝගීන්ට ලබා දී ඇති බවත් මෙම රෝගියාට ලබා දී තිබෙන එකම කාණ්ඩයට අයත් මෙම ඖෂධය ලංකාව පුරා රෝහල්වල රෝගීන්ට ලබා දි ඇති අතර මෙම ඖෂධය නිසා මරණය සිදුවූ බවට වාර්තා වී නොමැති බවත් කීහ .
මෙය ඉතාම කලාතුරකින් සිදුවන අසාත්මිකතා කම්පනය (Anaphylactic shock) හේතුවෙන් සිදුවූ මරණයක් බවට සැක කරන බවත් ප්‍රතිකාර අතරතුර දැඩි ආසාත්මිකතාවට පත්වූ තරුණියට කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කල බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.
ඒ පිළිබඳව තමා පූර්ණ විමර්ශනයක් සිදුකළ බව ද තිලකරත්න මහතා කීය.
රෝගියාගේ මරණය සම්බන්ධ පසුවිපරමේ දී මෙම තත්ත්වය පෙනෙන්නට තිබෙන නමුත් පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එය තහවුරු කළ නොහැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.
පළමු මාත්‍රාව ලබා දෙන අවස්ථාවේ රෝගියා අත රිදෙන බව ප්‍රකාශ කර තිබෙන නමුත් ඇය තුළින් අසාත්මිකතා ලක්ෂණ දක්නට ලැබී නොමැති බවත් එම ලක්ෂණ දක්නට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා දෙවන වර එන්නත ලබා දීමේදී බවත් හෙතෙම කීය.
දැඩි අසාත්මිකතාව නිසා ඇතිවන කම්පනයක් නිසා මෙම දැරියගේ මරණය සිදුවන්නට ඇතැයි සැක කරන බව ද හෙතෙම පැවසුවේය.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විවෘත තීන්දුවක් ලබා දී රුධිරය, පටක හා ආහාර සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන බව ද පැවසුහ.
