නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍යය පරිපාලන සහ සේවදේශ කටයුතු අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ තුනක සඳහන් විධිවිධාන අනුව ජ්‍යෙෂ්ඨතාවයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය / විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගත හැක.

2023.07.11 දින සිට වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු අනුමත කරගනු ලබන නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාල සීමාව ජ්‍යෙෂ්ඨතාව සඳහා අදාළ කර නොගැනීමට 2023.07.10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති.

ඒ අනුව, 2023.07.10 දින තෙක් වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු අනුමැතිය ලබා ගත් නිලධාරීන්ට අගතියක් නොවන පරිදි 2022.06.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022හි 4 වන ඡේදයේ ‘එ’ වගන්තිය හා 2022.09.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 (II)හි 4.10 වගන්තිය වගා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page