කටුනායක අධිවේගී මාර්ගය සහ නව කැළණි පාලම ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එහි වටිනා භාන්ඩ රැසක් හොරුන් විසින් ගලවා ඇති බව වාර්තා වේ.

ඉලෙට්‍රික් කේබල්, පැනල් බෝඩි, ඇණ, ඩවුන් පයිප්ප සහ CCTV ආදිය මෙ අතර වන බවත් ඒවායේ වටිනාකම රු. මිලියන 275 ක් පමණ වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා අද (14) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.

මේ වන විට කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් රු.මිලියන 250 ක තඹ කපා ඇති බවත් වීරකෝන් මහතා සඳහන් කළේය .

මෙලෙස දේපළ සොර ගැනීම නිසා අධිවේගී මාර්ගයේ විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙන බවත් මෙවැනි ක්‍රියා පාලනය නොකළහොත් ඒය මෙම දේපළ විනාශ වි යාමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් විසින් මෙලෙස දේපළ සොරාගෙන ඇත .

මේ වන විට එම අධිවේගී මාර්ග වෙත පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කළ බවත් ඒ අනුව කැලණි පාලන යට පොලිස් මුරපොලක්ද ආරම්භ කර තිබේ.

එයින් තත්ත්වය යම් පාලනයකට නතුකර ගැනීමට හැකිව තිබෙන අතර විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස එම ප්‍රදේශය නම් කරන ලෙස ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇත. යම්කිසි වැරද්දක් දුටුවහොත් 1996ට හා පොලීසියට දැනුම් දෙන ලෙස වීරකෝන් මහතා ජනතාවගෙන් ද ඉල්ලා සිටි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page