2024 වසරට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කොට ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ බත්තරමුල්ලේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්විමේ දි පැවසීය .

ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ඒසේ මේ වනවිට අතරමඟ නතර කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන ලෙසත්, අවශ්‍යනම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ලේකම්වරයාට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල දි ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට වැඩ පිළිවෙලක් සකසන ලෙසයි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා ආන්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් ද සහභාගීවන බැවින් එහිදී අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇති වන ගැටළු නිවැරිදි කර ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කීරීමේදී ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව එය ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කීවේය. සුළු මුදලක් යොදා මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළහොත් අතරමඟදී ඒවා නතර කර දැමීමමට සිදුවන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

රජය මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බැවින් රජයට බරක් නොවී රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධවී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page