ශ්රී ලංකා මහ බැංකුවේ නිල ඩෝලර් සංචිතය පසුගිය මැයි මාසයට සාපේක්ෂව සුළු අඩුවිමක් පෙන්නුම් කර ඇත .
මැයි මාසයට සාපේක්ෂව ජූනි මස තුල ඩොලර් මිලියන 23 කින් අඩුවි ඇති බවත් එය සියයට 0.7 ක සුළු පහත වැටීමක් බවත් මහ බැකුව පවසනවා.
පසුගිය මැයි මාසයේ නිල සංචිත ප්රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 3,491 ක් වූ අතර එය ජූනි මාසයේ ඩොලර් මිලියන 3,468 ක් ලෙස සටහන් විය.
මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත විදෙස් මුදල් සංචිතය 2023 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 3,430 ක් ලෙසින් වාර්තා වන අතර එය මැයි මාසයේ දී ඩොලර් මිලියන 3,445 ක් විය පෙර මාසය සමග සැසදීමේදී සියයට 0.4 ක පහළ යෑමකි.
