2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එහෙත් 2022 වසරේ මුල් මාස 6 තුළදී එම දෙපාර්තමේන්තුව රැස්කර තිබූ බදු ආදායම සඳහන් වූයේ, රුපියල් මිලියන 361,832කි.

ඒ අනුව, මෙම වසරේ මුල් මාස 6දී බදු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 93%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ වෙනස සහ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම බව සඳහන් ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page