අරගලයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියළු දෙනාගේ ගිණුම්වලට මුදල් ලැබුනු ආකාරය පිලිබදව කඩිනමින් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජාන වල ඇත්තේ ක්‍රෝධය වෛරය ,ඊර්ෂ්‍යාව බවත් ගිනි තැබීම් හා ඝාතන සංස්කෘතිය ඔවුන්ට අමුතුවෙන් පුරුදු විය නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මාතලේ පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කලේ තරුණ පරම්පරාව නොමග යැවූ එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වන අතර ජනතා විමුක්ති පෙරමුණේ වෙනස්වී ඇත්තේ පක්ෂයේ නම හා ලාංජනය පමණයක් බවත්ය .

. අරගලයෙන් කෝටි ප්‍රකෝටිපතියන් වූ මේ අය තරුණ පරපුර නොමගට යොමු කලා, තුවක්කු සංස්කෘතියට හුරු කලා,.ගිනි අවියට පපුව දෙන්නෙ තරුණයෝ.උසි ගැන්වුවා, ඒ අය හැංගිලා හරි තරුණ ජිවිත පාවා දීලා හරි බේරෙනවා.

ඔවුන්ගේ ඩීල් හා දෙබිඩි පිලිවෙත රටේ ජනතාවට දැන් හොදට තේරෙනවා 71 දී තරුණ ජීවිත 12000 කට වඩා නැති කලා , 78දී ජේ.ආර්ට උදව් කලා, 87-89 තරුණ ජීවිත 60,000 ක් රටට අහිමිකලා, .ජේආර්ට එරෙහිව ප්‍රේමදාසට උදව් කලා.ඊලගට චන්ද්‍රිකාට මහින්දට උදව් කලා.මේ ඔවුන්ගෙ ඩීල්.

මෙම ප්‍රකාශ කලපසු මගේ පියා හා මව මතක් කර තමාට බණි,පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු ලාල් කාන්ත සුනිල් හදුන්නෙත්ති අඩුම සුළු පැමිණිලි අංශයට වත් කැදවලා නෑ.අනුරගේ බොරු කරලියට එනවා.ඩොලර් වලට යටවූ පිරිසක් රට විනාශ කරන්නේ.

අපේ පොහොට්ටුව තියෙනකම් ෆැසිස්ට්වාදයට ඉඩක් තියෙන්නේ නෑහැ .මම අහනවා පුලුවන්නම් රර හදන වැඩ පිලිවෙල ජනතා විමුක්ති පෙරමුණට කියන්න කියලා.’

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page