පසුගිය මැතිවරණයයේදි පොදුජන ඒක්සත් පෙරමුණ යටතේ තරගකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජනය කල මන්ත්‍රීවරුන් අතරින් ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වී ඇත.

සිකුරාදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාවට ශාන්ත බණ්ඩාර මහතා සහභාගි වූයේ නැත.

ආණ්ඩුවට එක්වී සිටින ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් කිහිපයක් සහභාගිවුවත් ශාන්ත බණ්ඩාර ඇමැතිවරයා එම රැස්වීමට සහභාගි නොවූයේ ඔහු මේ වනවිටත් පොහොට්ටුව හා එක්ව ඇති බැවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page