එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වි සමගි ජන බලවෙගයට ගිය විපක්ෂයේ කණ්ඩායමේ වැඩි පිරිසක් නැවතත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්විමට ඉතා ඕනෑකමින් බලා සිටින බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන් බලා සිටින්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කොළ එළියක් ලැබෙන තෙක් බවත් එම පිරිස සමග එක්ව ඊළඟ මැතිවරණයට සන්ධානයක් ලෙස තරග කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපතිගේ වැඩවලට විපක්ෂය නිතරම හරස් වන නමුත් දැන් අවශ්‍ය වන්නේ භේදබින්න වීමක් නොව එකට එක්වී වැඩ කිරීම බවද ඔහු පැවසීය.

බේද බින්න වී කිසි දිනෙක රට සංවර්ධනය කිරීමට හැකි නොවුණු ඇති බවත් ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ සියලු දෙනාම එකතු වී රටේ ජනතාව වෙනුවෙන් විසඳුම් සොයා ගැනීමට බවද ඔහු කියා සිටියේය.

මීගමුව එක්සත් ජාතික පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියා ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page