රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්කියන් රාසමානික්කම් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා
පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම කාරක සභාව රැස්වූ අතර එහිදී රාසමානික්කම් මන්ත්‍රිවරයා මෙම කාරක සභාවෙන් ඉල්ලා අස්වීම සිදු කරනා ලදි.
රටේ බංකොලොත්භාවයට වගකිව යුතු රට පාලනය කල ප්රාධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම මෙම කමිටුවේ ස්වාධීනත්වයට බාධාවක් වන බැවින් තමා මෙම කාරක සභාවෙන් ඉල්ලා අස්වන බව මෙහිදී රාසමානික්කම් මන්ත්‍රිවරයා ප්‍රකාශ කලා.
