මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිව්‍යුගත කිරීමේ සැලැස්මක් ඇති බව එම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක සංගමය සඳහන් කරයි.
මේ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට වැඩිම ආදායමක් උපයාදෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ‘සහස්‍රා ඉන්වෙස්ට්මන්ට්’ නම් ආයතනයකට ලබා දීමට සැලසුමක් ඇති බවද ඔවුන් කියා සිටී.
ප්‍රතිව්‍යුහගත කිරිමේ ඊළඟ සැලසුම වන්නේ එය විකුණා දැමීම බවත් අධිවේගී මාර්ග පුද්ගලීකරණය කිරීම හරහා රුපියල් බිලියන හතක පමණ ආදායමක් අහිමි වන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමය චෝදනා කරයි .
