ඉඩම් හා සංචාරක අමාත්‍ය වත්තල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හරීන් ප්‍රනාන්දු වත්තල ආසනයේ බල මණ්ඩලය පිහිටුවීමත් සමග නැවත එක්සත් ජාතික පක්ෂ සමග එක් විය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජන බලවේගයට එකතු වූ හරීන් ප්‍රනාන්දු, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය දීමට තීරණය කරන ලදි .
ඒ අනුව රජයේ ප්‍රභල අමාත්‍ය ධූරයක් ලබාගත් ඔහු සමගි ජන බලවේගය ඉවත්වී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වි පසුගිය දා වත්තල එක්සත් ජාතික පක්ෂ ආසන බලමන්ඩල පිහිටුවිය
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති
එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩලය හරීන් ප්‍රනාන්දු විසින් සංවිධානය කර තිබුණි .
මේ සදහා කම්කරු හා ව්දේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර,කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක, ජයරාජ චන්ද්‍රසේකර,කිත්සිරි මංචනායක සහාභාගී විය.
