එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානය ආරම්භ කිරීම සහ විධායක සභාවේ ප්‍රථම රැස්වීම පසුගිය දා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සිදු විය .

2048 වර්ෂයේ දී පූර්ණ පුර්ව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ජනාධිපතිවරයාගේ සැලසුමට අනුව එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන් විසින් මෙම ඉලක්ක ගත සංවර්ධනය වෙනුවෙන් තරුණ ප්‍රජාව පෙළ ගැස්ව්ම අරමුණ කරගත් පුළුල් වැඩ පිලිවලක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා .

ඉලක්කගත සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් තරුණ වෘත්තියවේදීන් කරුණු පහක් මුල් කර ගනිමින් මාර්ගගත සැලැස්මක් නිර්මාණය කර එය හඳුන්වා දීම හා එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ විධායක නිලධාරීන් හා සාමාජිකයන් වෙත සාමාජිකත්වය පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති..නීතිඥ සුමුදු කැකුළන්දල මහතා..මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ….2048 සංවර්ධන ඉලක්ක වෙනුවෙන් තරුණ වෘත්තීයවේදීන් පෙළගැසෙන බවයි…

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා හා එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මෙම අවස්ථාවට ආරාධිතයන් ලෙස සහභාගි සහභාගි විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page