රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසයි.

අලුතින් පක්ෂයට පැමිණි අය පක්ෂය දමා යද්දී පොහොට්ටුව රැක ගන්න ඉතුරු වුණේ පරණ සාමාජිකයන් පමණක් බව පැවසූ රණතුංග මහතා පොහොට්ටුව යනු ජනතාවගේ පක්ෂයක් බවත් එම පක්ෂය වට්ටවන්න කිසිවෙකුට නොහැකි බවත් අවධාරණය කෙළ්ය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොම්පේ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි. දොම්පේ ප්‍රාදේශීය සභා පැරණි කාර්යාලය පරිශ්‍රයේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page