2022 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ තම හිතවතුන්ට සහ නළු නිළියන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර ඇති බව ඔප්පු කලහොත් තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔවුන් ඔස්ට්‍රේලියාවට ගියේ කණ්ඩායම දිරි ගැන්වීමට බවත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ වලදී කණ්ඩායම දිරි ගැන්වීමට එම නළු නිළියන් පැමිණෙන බවද සභාපතිවරයා පැවසීය.

මාධ්‍ය හමුවේ දී ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ මෙම නළු නිළියන් සමඟ ඇතැමුන් කියන ආකාරයේ ගමන් බිමන් වලට සහභාගී වි නොමැති බවයි.

නළු නිළියන් ඇසුරු නොකර හිරකාරයින් ඇසුරු කරන්න දැයි හෙතෙම මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කලහ .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page