වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කිරීමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එලීසේ මාළිගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් එමානුවෙල් මැක්රොන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඓතිහාසික වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත අතර
පසුදා උදැසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බවත් එලීසේ මාළිගය පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බවත් දෙරට මුහුණදෙන කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් වනු ඇති බවත් එලීසේ මාළිගය පෙන්වා දී ඇත.
එලිසේ මාළිගය ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස වේ
