අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල්වලට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත .
සමෘද්ධි සහනාධාරය ලබන පවුල් 1,280,000 ක් අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා අයදුම් කර ඇති බවත් එයින් 887,653 දෙනෙකු සඳහා අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094 දෙනෙකුට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට තීරණය රජය තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රකාව ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගෙන ඇත.
ඊට අමතරව ආගමික ස්ථානවල සිටින පූජ්‍ය පක්ෂයට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 11,660 ද සිය දීමනා අඛණ්ඩව හිමිවන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය
