රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින ජනතාවට ගිණුම් විවෘත කිරීමට කඩිනම් කිරීම සඳහා පහසුවන පරිදි එම තීරණය ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසය.
දැනට වැඩිහිටි දීමනාව, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස් වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයට මුදල් ගෙවීම් සිදුකරනු ලබන අතර වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබාගත හැකි බව සඳහන් කරයි.
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් සදහා ගිණුම් මිලියනයක් පමණ විවෘත කර ඇති අතර ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මනින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙයි.
