උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

කොළඹ ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් මෙම පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බවත් සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පොල් ත්‍රිකෝණය අරඹන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page