කඩුවෙල වැව පාරේ ළඳු කැලෑවක් තිබි හමුවුණු කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව නින්ද හේන පසිඳු චාමර මධුශංක නමැත්තෙකි.

මෙම පුද්ගලයා‍ෙ කිසියම් පිරිසක් විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් වැල්ලම්පිටිය ප්‍රදේශයට ගිය බව උසස් නිලධාරියෙක් පැවසු අතර මළ සිරුර තිබූ ස්ථානයේ ජංගම දුරකථන දෙකක් මෙන්ම රතුපාටට හුරු තොප්පියක් ද පොලිසිය මඟින් සොයා ගැනිණි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page