විද්‍යුත් කාඩ්පත භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

එම බස් රථවල ගමන් කළ හැක්කේ විද්‍යුත් කාඩ්පත භාවිතයෙන් පමණක් බවත් එම බස් රථවලට කොන්දොස්ත මහතුන්ගේ සේවය අවශ්‍ය නොවන බවත් විජේරත්න මහතා කීය.

බස් රථයට ගොඩවූ පසු කාඩ්පත ටච් කර මුදල් ගෙවිය හැකි අතර මෙරට භාවිතා කරන ඕනෑම කාඩ් පතක් භාවිත කළ හැක.

කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කරගැනීමට එම බස්රථ සේවාව ආරම්භ කිරිමෙන් හැකිවනු ඇති බවද ඔහු පවසයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page