පේදුරුතුඩුව කට්කෝලම් හි යුද හමුදා කඳවුර ඉවත් නොකරන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වු බව වාර්තා වේ.

හතරවන සිංහ රෙජිමේන්තුවට අයත් මෙම කඳවුර ඉවත් කිරීමට නියමිතව ඇති බවත් දුෂ්කර ප්‍රදේශයක පවතින මෙම කඳවුර හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදුවන බවත් වැලි ජාවාරම් හා නීති විරෝධී ක්‍රියා වැලැක්වීම සඳහා කඳවුරෙන් විශාල සහයෝගයක් ලැබෙන බවද ඔවුන් පවසා සිටි .

විවිද දේශපාලඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ පෙළඹවීම මත මෙම කඳවුර ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවට තමන්ට දැණගන්නට ලැබී ඇති බවත් මෙම කඳවුර ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් සදහන් කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page