වෛද්‍යවරයෙකු වසර දහයක කාලයක් රටට අනිවාර්යෙන් සේවය කළ යුතු බව රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසයි .

උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ය.

වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ජනතා බදු මුදල් රුපියල් මිලියන 40 කට ආසන්න ප්‍රමාණයක් රජය වියදම් කරන බව උන්වහන්සේ පෙන්වා දෙති.

වෛද්‍යවරයකු වීමෙන් පසු තමා හා දරු පවුලේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන අතර තම අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කල රටේ ජනතාව වෙනුවෙන් සේවය නොකර රට අතහැර යන බවටද නන්ද හිමියෝ චෝදනා කලහ.

එබැවින් සියළු වෛද්‍යවරු අවම වශයෙන් වසර දහයක් වත් මේ රටට සේවය කළ යුතු බවත් එසේ නොකර රට අතහැර යන වෛද්‍යවරු අත්අඩංගුවට ගත යුතු බවද ඒ වෙනුවෙන් නීති සම්පාදනය කළ යුතු යැයි ද හිමියන් සඳහන් කර සිටි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page