ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි .
ඔහු මෙම අදහස් පළ සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.
ක්ෂේත්රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත්, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගොඩනැඟිමට ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ අද සංචාරක ක්ෂේත්රයේ ද පිබිදීමක් දක්නට ලැබෙනවා.
සමහර නායකයන් රට භාර ගැනීම ප්‍රතික්ෂේප කල විට ඒ අභියෝගය භාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් වනවා.
මෙරට ඩොලර් අර්බුදය විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රවේශයක් ලෙස සංචාරක ක්ෂේත්රය යොදා ගත හැකි බවත් මීට වසරකට පෙර සංචාරක ක්ෂේත්රය පැවති තත්ත්වයට වඩා අද තිබෙන ප්‍රගතිය පිළිබඳ නිහතමානී සතුටක් තමන්ට ඇති වන බවත් ඔහු සදහන් කලා.
ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක්. නමුත් මෙම සුන්දර රටේ වටිනාකම කිසිවෙකු තවම තේරුම්ගෙන නැහැ. ඒ වගේම මේ රට නිධානයක්. මේ නිධානයෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද කියා අප තවම සිතා නැහැ. ඒ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස සිදු කිරීම තමයි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ වී තිබෙන්නේ.
