බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.
මුලතිවු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය හෑගොඩ ප්‍රදේශයේන් වාර්තා වූ අතර එය ම්ම් 6.0 ක් ලෙස දැක්විය හැක.
වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 37.3 වේ.
අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 14.1 වේ.
2023 අගෝස්තු මස 21 වන දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල කාලගුණ අනාවැකිය
