ජාතික රූපවාහිනි සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව පෞද්ගලික ආයතනයකට බදු දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද උණුසුම් තත්ත්වයක් ඇති වු බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර අද පාර්ලිමේන්තුවේ දි මේ සම්බන්ධයෙන් දැඩි විවාදාත්මක තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.

අදාල ගණුදෙනුව සිදු කර ඇත්තේ කිසිදු විනිවිදභාවයකින් තොරව හා නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව බව අනුර කුමාර දිසානායක මහතා පවසා සිටි අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම ගිවිසුමේ කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු වි නැති බවයි .

කිසියම් වංචාවක් සිදුව ඇත්නම් එය අධිකරණය හමුවේ ඔප්පු කරන ලෙසත් එසේ වුවහොත් හෙට උදේට තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page