.
2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්රයේ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 315 ක ආදායමක් උපයාගෙන තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් ය.
පසුගිය වසරේ මැණික් අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 230ක ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය 34%ක අපනයන වර්ධන වේගයක් ලබා ඇති බවත් එය මහ බැංකු වාර්තා මගින් ද තහවුරු කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කටයුතු සම්බන්ධව අප තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා. නව රේගු නිෂ්කාශන ක්‍රමවේදයක් සකස් කළා. මේ වන විට අපේ රටින් විදේශ රටකට ගෙන යන සෑම මැණික් ගලකටම ඩොලර් ලැබෙනවාද කියා නිසි සොයා බැලීමක් සිදු වෙනවා. මීට පෙර අපේ මැණික් පිට රටවල වෙන්දේසි වුණාට අපේ රටට ඩොලර් ලැබුණේ නැහැ.
පසුගිය වසරේ අධිකාරියට ලැබී තිබුණේ බලපත්‍ර හා තක්සේරු ආදායම රුපියල් මිලියන 144ක් පමණක් බවත් මෙම වසරේ මේ වන විට ඒය රුපියල් මිලියන 288 ක ලාභයක් අධිකාරිය විසින් ලබාගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි .
