ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් මහා තරගය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කතා බහක නිරත විය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page