ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමන බැවින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව සහ ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවයක් ඇති කර ගන ඇති බව වාර්තා වේ.
ඒ පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ මන්ත්‍රවරු පිරිසක් හා අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් පිරිස අතර ඇතිවු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ය.
ඒහිදි ඩලස් අලහපෙරුම මහතා පැවසුවේ සාකච්ඡාව ඉතාම සාර්ථක බවත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පාලකයන්ට යම් දේශපාලනික පණිවිඩයක් ලබා දෙන්න මේ එකඟතාවයන් ඇතුලේ අපිට පුළුවන්කමයි ලැබුණු බවයි..
මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා යම් එකඟතාවයකින් වැඩ කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාව අද නිදහස ජනතා සංවිධානය සහ අපි අතර සිද්ධ වුණා. එකෙ දී ඉතාමක් සුබදායි ප්‍රතිඵල තිබෙනවා. අපි උත්සහ කරනවා රනිල් මැතිවරණ කල් දැමීමට දරන උත්සහාය පරාජයට පත් කිරීම සඳහා මෙරට ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ කටයුතු කරන්න ලෙස අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කලා.
නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පරෙුම, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකු මෙම සාකච්ඡාව එක්වි තිබුණි.
