ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙකු ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.
මෙසේ ඉවත් කල ක්‍රිඩකයන් වන්නේ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුසංඛ යන අයයි.
මේ අතර කුසල් ජනිත් පෙරේරා සුවය ලබමින් සිටින අතර ඔහු සුවය ලැබු පසුව තරගය සදහා එක්වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසා ඇත්තේ 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත්කරමින් ය
ක්‍රීඩා හා යෞවන අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමි වී ඇති මෙම සංචිතය මෙසේය :
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් (උපනායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්.
