ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු ජයග්‍රහණය ලබා ගැනිමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනිමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමත් විය .

.එහිදී අගනා පිතිකරණයක නියැලුණු චරිත අසලංක හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 62ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යන ලදි.

සධීර සමරවික්‍රම හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් රැස්කරගත් අතර ෂකීබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 4 කදී සියලුදෙනා දැවී රැස්කර ගැනිමට හැකිවුයේ ලකුණු 164ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 39කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page