දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ප්‍රමාද කිරීමට හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්ථාවර කිරීමට දේශපාලනික බලවේග විසින් ගනු ලැබූ පටු උත්සාහයන් ව්‍යර්ථ වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
මෙම අස්ථාවර කිරීමේ ක්‍රියාවලියේ දී එහි එක පියවරක් වූ, දේශිය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පතට අදාල ජුලි 14 වන දින ප්‍රකාශිත ගැසට් නිවේදනය සම්බන්ධව අධිකරණමය පියවර ගනු ලැබූ බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඊට අදාළව අද දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධව දේශීය හා විදේශීය විශ්වාසනීයභාවය තහවුරු වන බවයි.
ඒ අනුව, ගොඩනැගෙන ආර්ථිකය හා රට දුර්වල කර, රට අස්ථාවර කර පටු දේශපාලනික අරමුණු ඉටු කරගැනීම සඳහා ක්‍රියාත්මක වූ බලවේග දැරු උත්සහය ව්‍යාර්ථ වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
