“අස්වැසුම” දෙවන අදියර ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 257,170 ක් සදහා ජුලි මසට අදාළ රුපියල් මිලියන 1,550 ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ගිණුම් තහවුරු කරගත් පසු ඉතිරි ප්‍රතිලාභින් සදහා ද ගෙවීම් කිරීමට සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය කටයුතු සුදානම් කර ඇති බවත් ජුලි මසට අදාල ගෙවීම සිදුකළ පසු, අගොස්තු මසට අදාළ ගෙවීම සියළු ප්‍රතිලාභින් සදහා එකවර සිදුකිරීමට හැකියාව පවතින බව ද ඔහු සදහන් කරා.
පළමු අදියර ලෙස ප්‍රතිලාභි පවුල් 791,000 කට අදාල රුපියල් මිලියන 5’016 ක් ගෙවා අවසන් කර ඇති බවත්, මේ වන විට “අස්වැසුම” ට අදාළව පවුල් 1’048’170 කට රු.මි. 6,566 ක මුදලක් රජය ගෙවා ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියළු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා
